(වියලුව නිශාන්ත කුමාර)
ගිරාඳුරුකෝට්ට රත්කිඳ ධීවර ගම්මානයේ 12 හැවිරිදි පාසල් දැරියකගේ සිරුරේ 6 පොලකට වයස අවුරුදු 14ක පාසැල් දරුවෙකු විසින් අද (18) පස්වරුවේ පිහියකින් ඇනීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ දැරිය මහියංගන මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි ගිරාඳුරුකෝට්ටේ පොලිසිය පවසයි.
සිද්ධියෙන් රෝහල් ගතකර ඇත්තේ ගිරාඳුරුකෝට්ට රත්කිඳ ධීවර ගම්මානයේ පදිංචි පාසල් ශිෂ්‍යාවකි.
සැකකාර දරුවා ගිරාඳුරුකෝට්ට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
පිහිපහර කෑමට ලක්වූ දැරිය මෙන්ම පිහියෙන් අනින ලද දරුවාද එකම පවුලක සාමාජිකයින් වන අතර දැරිය නිවසේ හුදකලාව සිටියදී පිහියක් රැගෙන පැමිණි මෙම සිසුවා ඇයගේ මුහුණ වසා පිහි පහර එල්ල කළ බවට දැරිය පොලීසියට පවසා ඇත.
පිහියෙන් ඇනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කලකට පෙර මෙම දරුවා විසින් තුවාල ලැබූ දැරියගෙන් ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යෑමට කැමැත්ත ඉල්ලා ඇතත් දැරිය ඒ ගැන ප්‍රකාශ නොකළ බවද දැරිය විසින් පොලීසියට පවසා ඇත.
ගිරාඳුරුකෝට්ටේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක විතානච්චි මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

