පිටකන්ද වත්තේ තේ දළු නෙළමින් සිටි පිරිසකට බඹර ප්‍රහාරයක්


(මහේෂ් කිර්තිරත්න) 
 
මාතලේ පිටකන්ද තේ වතු යායේ තේ දළු නෙළමින් සිටි පිරිසකට අද (5) දහවල් බඹර ප්‍රහාරයකට ලක්ව සිව්දෙනකු මාතලේ මහ රෝහලට ඇතුළත් කර  ඇති බව රෝහල් ආරංචිමාර්ග කියයි.


තවත් සුළු තුවාල ලැබු තිදෙ‍නකු කන්දේ නුවර ප්‍රාථමික වෛද්‍ය සත්කාරක ඒකකයෙන් ප්‍රතිකාර ලබා නිවෙස් වෙත ගොස් ඇති බව පිටකන්ද වතුයායේ ප්‍රකාශයකු පැවසීය.


තේ දළු නෙලමින් සිටින අවස්ථාවේදී මෙම බඹර ප්‍රහාරයට ලක්ව ඇති අතර කාන්තාවන් තිදෙනකු සහ පිරිමි පුද්ගලයකු මෙසේ බඹර ප්‍රහාරයට ලක්ව ඇති බවත් එක් කාන්තාවකගේ තත්වය බරපතල බැවින් මාතලේ මහ රෝහලේ දැඩි සත්කාරක ඒකකයට ඇතුළත් කර ඇති බවද රෝහල් ආරංචි මාර්ග කියයි.