ජුඩ් සමන්ත
පාසල් දරුවන් සහ තරුණ පරපුර ඉලක්ක කර ගනිමින් අලෙවි කිරීම සඳහා ගබඩා කර තිබූ ගංජ මිශ්‍ර මදන මෝදක ගුලි 1700 ක් සමඟ සැකකරුවෙක් මාරවිල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මාරවිල නගරයේ ව්‍යාපාරික ස්ථානයක ගංජා මිශ්‍ර මදන මෝදකය අලෙවි කිරීමට ඇති බවට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් විසින් ලබාදුන් තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.
සැකකරු එක මදන මෝදක පැකට්ටුවක් රුපියල් 100 ක මුදලකට අලෙවි කර ඇති බව විමර්ශන වලදී හෙළිවී ඇත.
සැකකරු සහ ඔහු සතුව තිබී පොලිස් බාරයට ගෙන ඇති මදන මෝදකය තොගය මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.