(කේ.ජී.කපිල )
මිනුවන්ගොඩ - හීනටියන ප්‍රදේශයේ පදිංචිව සිටි පාතාල කල්ලි නායකයෙකු සතුව පැවති " බ්‍රවුනින් " වර්ගයේ පිස්තෝලයක් , මැගසින් එකක් සහ මිලි මීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 03 ක් සමඟ ඒවා ලග තබාගෙන සිටි එම ප්‍රදේශයේ පදිංචි පාතාල කල්ලි සාමාජිකයෙකු ද අද (3) රාත්‍රී කටුනායක පොලිසිය අත් අඩංගුවට ගෙන තිබේ.
වෙඩි තැබීමකින් මිය ගොස් සිටින ෆ්‍රෙඩී නැමති පාතාල කල්ලි නායකයෙකු සතුව මෙම ගිනි අවිය සහ උණ්ඩ තිබී ඇති බව කටුනායක පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ .
කටුනායක පොලිසිය වෙත ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු මත මෙම විශේෂ මෙහෙයුම කටුනායක පොලිසිය විසින් සිදු කර තිබූ අතර එහිදී මෙම ගිනි අවිය සහ උණ්ඩ ළග තබාගෙන සිටි 32 හැවිරිදි පාතාල කල්ලි සාමාජිකයා අත් අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇති පාතාල කල්ලි සාමාජිකයා සමඟ ගිනි අවිය සහ උණ්ඩ හෙට (4) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.