(මොහොමඩ් ආසික්)
ශ්‍රී ලංකාවට නිල සංචාරයක් සඳහා පැමිණ සිටින පාකිස්ථානයේ ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් මුජාහිඩ් අන්වර් කාන් මහතා ඇතුළු පිරිස අද (08) මහනුවරට පැමිණ ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගත්හ.
දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පාකිස්ථාන ගුවන් හමුදාපතිවරයා පිළිගන්නා ලදී.
සිය සංචාරය සනිටුහන් කරමින් විශේෂ අමුත්තන්ගේ පරිශ්‍රයේදී සමරු සටහනක් තැබූ පාකිස්තාන ගුවන් හමුදාපතිවරයා පසුව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත සමරු තිළිණයක් පිළිගන්වන ලදී.
දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින්ද දේශීය අනන්‍යතාවය සහිත සමරු තිළිණයක් පකිස්තාන ගුවන් හමුදාපතිවරයා වෙත මෙහිදී පිළිගන්වන ලදී.
පකිස්තාන ගුවන් හමුදාපතිවරයාගේ බිරිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.




