(ඩී.ජී.සුගතපාල)
ආහාර ප්‍රවාහනය කිරිම සඳහා නිසි පරිදි සකස් නොකරන ලද වාහනයකින් බේකරි නිෂ්පාදන අලෙවි කරන ලද පුද්ගලයෙකුට සහ එම බේකරි නිෂ්පාදනය කරන ලද බේකරියේ කළමණාකරුට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය අද(28) රුපියල් 45000ක දඩ නියම කළාය.
ආහාර ප්‍රවාහනය කිරිම සඳහා නිසි පරිදි සකස් නොකරන ලද වාහනයකින් ආහාර ප්‍රවාහනය කිරිම ,
නිෂ්පාදිත දිනය සඳහන් නොමැති බනිස් පැකට් අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරිම යන චෝදනාවන්ට චුන් පාන් අලෙවිකරුවු බූස්ස විජය ගම ජයමුණි සශික ඉසංගද සිල්වා යන අයට රුපියල් 25000ක දඩයක්ද ආහාර ගබඩා කිරිමේදි සහ ප්‍රවාහනයේදි දූෂණය විමෙන් ආරක්ෂා විමට ප්‍රමාණවත් පියවර නොගෙන ජංගම අලෙවි රථ යෙදවිම සම්බන්ධයෙන් ගාල්ල ඥාණෝභාස මාවතේ දේදුනු බේකරියේ කළමනාකරුවන රත්නායක මුදියන්සේලාගේ ජයසිංහ යන අයට රුපියල් 20000ක් දඩයක්ද ලෙස මෙසේ දඩ නියම විය.
ගාල්ල කලේගාන සහ ජූල්ගහ හන්දිය අතරදි ගාල්ල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් මෙම චූන් පාන් රථය පරික්ෂා කර නඩු පවරා ඇති අතර මහජන සෞඛ්‍ය පරික්ෂක චිරන්ත ගුරුගේ මහතා විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී.