පලංචියකින් වැටී තරුණයෙක් මරුට


(ඔගස්ටින් ප්‍රනාන්දු)

මාරවිල මුදු කටුවේ අලුතින් ඉදි කරණු ලබන නිවසක ඉදි කිරි‍ම් සදහා යොදා ගත් යකඩ පලංචියකින් බිමට වැටි බරපතල තුවාල ලබා මාරවිල මුළික රෝහලට ඇතුළත් කර සිටි තරුණයකු අද ( 2) මිය ගොස් ඇති බව පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ මාරාවිල ඉහළ කටුනේරිය නාකැලේ වත්තේ විසු වර්ණකුලසුරිය ලේකම්ලාගේ ගයාන් සදුන් ජයශාන්ත ( 22) නමැති අවිවාහක තරුණයෙකි.

ඔහු මෙම නිවස ඉදි කිරිමේ කටයුතු වල අත් උදව්කරුවෙකුව සේවය කළ බවත් කියයි.

මිය ගිය තරුණයා අද ( 2දා ) දහවල් අඩි පහලොවක් පමණ උසැති යකඩ පලංචියක නැග අත් උදව්කතරමින් සිටිය දි පය ලිස්සදා බිම වැටි බරපතල ලෙසින් තුවාල ලබා ඇති බවත් කියයි.

මාරවිල පොලිසිය පරික්ෂණ සිදු කරයි.