(ජේ.කේ.එල් චාමින්ද)
නීතිවිරෝධී ලෙස බලපත්‍රයක් නොමැතිව මී ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සමග පුද්ගලයන් තිදෙනෙකු අද (21) නාකියාදෙණිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත්බැව් උඩුගම පොලිසිය පවසයි.
සැකකරුවෝ තිදෙනා ගාල්ල මිලිද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
මී ගවයින් නාකියදෙණියේ සිට ගාල්ලට රැගෙන යමින් සිටි බව පොලිස් පරීක්ෂණවලදි අනාවරණය වී ඇත.
මී ගවයන් දෙදෙනෙකු සත්ව හිංසනය වන ආකාරයට කුඩා ලොරි රථයේ පටවා ගෙන යමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
උඩුගම පොලිසියේ බුද්ධි කාර්යංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව මෙකි වැටලීම කර තිබේ. උඩුගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

