(ඩබ්ලිව්.ඒ. අසේල)
නිල්ලඹ රාජමලේ රක්ෂිතය තුළ නිල්ලඹ ඔයේ අනවසරයෙන් මහා පරිමානව වැලි ජාවාරමේ යෙදී සිටි පුද්ගලයින් තිදෙනෙකු වැලි පටවාගත් ලොරි රථයක්ද සමඟ අද(14) අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය කියයි.
මොවුන් කාලයක් තිස්සේ මෙම ජාවාරම කර ඇති අතර රක්ෂිතය තුළ ගං ඉවුරටම මාර්ගයක් සාදා වාහනද රැගෙන ගොස් වැලි ගොඩ දමා ඇත.
සැකකරුවන් තිදෙනා ගම්පොළ දොළුව ප්‍රදේශයේ පදංචිකරුවෝ වෙති. වැලි ගොඩ දැමීමට යොදා ගන්නා උපකරණද මෙම වැටලීමේදී පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් හෙට (15) මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.