චමිල් රුපසිංහ
නිධානයක් ගැනීම සඳහා යාග හෝම පවත්වමින් සිටි සහෝදරයන් දෙදෙනකු පේරාදෙණිය පොලිසිය විසින් අද (4) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් උඩවත්ත ඒදඩුවාව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
නිධානයක් ගොඩ දැමීම සඳහා භාවිතා කළැයි කියන ස්කෑනර් යන්ත්‍රයක් ද එම ස්ථානයේ තිබි පොලිස් බාරයට ගෙන තිබේ.
පේරාදෙණිය පොලිසිය එම ස්ථානයට යන විට එහි සිටි සැකකරුවන් පලා ගොස් ඇත.
මෙම සැකකාර සහෝදරයන් දෙදෙනා තම නිවෙස් දෙක අතර මැද ගෙවත්තේ අඩි 4 ක් දිග අඩි 2 ක් පළල වළක් හාරා ඇති බවත් ඒ අසලම පුජාවන් සඳහා ගන්නා මල් පහන්,මල්,පොල්තෙල්,පහන්,පුවක් මල්,දෙහි,සාම්බ්‍රානි,පළතුරු හා කැවිලි වර්ග ද එම ස්ථානයේ තිබී සොයා ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාර සහෝදරයන් දෙදෙනා අද (4) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.