(ටෝනි කරුණානායක)
නිට්ටඹුව රදාවඩුන්න ප්‍රදේශයේ දෙමහල් නිවසක පහත මාලයේ අද (09) ඇති වූ ගින්නකින් එහි සිටි සුරතල් සතුන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇතැයි නිට්ටඹුව පොලිසිය පැවසීය.
නිවසේ තිබූ ත්‍රී රෝද රථයක් ද ගින්නෙන් විනාශ වී ඇති බව පොලිසිය කීය.
සුරතල් මසුන් සිටි ටැංකි පුපුරා යාමෙන් සුරතල් මසුන් මියගොස් ඇති අතර ගින්නට හසු වීමෙන් කුඩු වල සිටි
පරවියන් ඇතුළු විවිධ වර්ගයේ කුරුල්ලන් රැසක් ද කුඩූ තුළම මියගොස් ඇති බව පොලිසිය පැවසීය.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර නිට්ටඹුව පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනු ලබයි.