අමදෝරු අමරජීව
නැගෙනහිර පළාතේ සංචාරක කර්මාන්ත ආශ්‍රිත ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන ලියාපදිංචි කර ඒවා නියාමනය කිරිම තම දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීමට ක්‍රමවේදයක් සකස් කරන බව පළාත් දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව කියයි.
මේ සම්බන්ධයෙන් වන ප්‍රඥාප්තියක් සකස්කර ඇති බවත් ඉදිරි සභා මැතිවරණයෙන් පසු පත්වන සභාවාරයකට යොමු කර සම්මත කර ගැනීමට නියමිත බවත් දේශීය වෛද්‍ය කොමසාරිස් වෛද්‍ය ආර්.ශ්‍රිධරන් මහත්මිය පැවසීය.
සම්බාහන මධ්‍යස්ථාන ලියාපදිංචි කර නියාමනය සිදුකිරිමේදී එම මධ්‍යස්ථාන වල සිදු කෙරෙන නීතිවිරෝධි ක්‍රියාකාරකම් වලට වැට බැදිමක් සිදුවන බව කී කොමසාරිස්වරයා එය පළාත් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට මහත් රුකුලක් වන බවද කීය.