ඩබ්ලිව්.ඒ. අසේල
අද දින (2) මහනුවර නවනැලිය බැමිය ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළෙකුටද කොවීඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඔහු සමග ලගින්ම ඇසුරු කළ පවුල් (12) සාමාජිකයින් ඔවුන්ගේ නිවෙස් තුළම අද (2) සිට නිරෝධායනයට ලක්කිරීමට ගලහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් හා ගලහ පොලීසියේ නිලධාරින් කටුයුතු යොදා ඇත.
ඊට අමතරව ඔහුගේ බිරිඳ දරුවන් හා පවුලේ ලගින්ම ඇසුරු කළ ඥාතීන් (16) නිරෝධායනය කිරීම සඳහා මහනුවර ගලහ බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ අලුතින් පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කොට ඇත.
මේ වන විට බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ ඇති නිරෝධායන මධ්‍යස්ථානය තුළ මහනුවර අවට විවිධ ප්‍රදේශවල නාවික හමුදා සෙබලුන්ගේ පවුල්වල සාමාජිකයින් 52 දෙදෙනෙකු නිරෝධායනයට ලක් කර ඇති බව ගලහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් ප්‍රකාශ කර සිටී.
නවනැලිය බැමිය ප්‍ර දේශයේ හමුවූ සෙබලා සමඟ ඇසුරු කළ පුද්ගලයින් සොයා ගලහ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් හා ගලහ පොලීසියේ නිලධාරින් දිගටම පරීක්ෂණ සිදුකරගෙන යනු ලබයි.