( එම් .සුසිල් ප්‍රියන්ත )
අම්බලන්ගොඩ ඌරවත්ත ධීවර සංකීර්ණය ඉදිරිපිට නවතා තිබූ යතුරු පැදියක් අද (20 ) ඇතිවූ හදිසි ගින්නකින් මුලුමනින්ම විනාශවී ගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
එම ධීවර සංකීර්ණයේම පදිංචි කාන්තාවකට අයත් මේ යතුරු පැදිය ඇය මිලදීගෙන ඇත්තේ මීට මාසයකට පමණ උඩදී බවද පොලීසිය කියයි.
ගින්නෙන් විනාශවී ඇත්තේ ස්කූටි වර්ගයට අයත් යතුරු පැදියක් බවත් එහි වටිනාකම රුපියල් දෙලක්ෂ තිස්පන්දහසක් බවත් පොලීසිය කියයි.
මේ යතුරු පැදිය ගිනි ගැනීමත් සමගම එහි තිබූ කාන්තාවගේ ජාතික හැදුනුම්පත, රියදුරු බලපත්‍රය, යතුරු පැදියේ ආදායම් බලපත්‍රය,රක්ෂණ සහතිකය,ඇතුලු වටිනා කියන ලියවිලි රැසක්ද විනාශවී ගොස් ඇති බවද පොලීසිය කියයි.
රාත්‍රියේ සිට අලුයම් කාලය වනතෙක් නවතා තිබෙන යතුරු පැදියක් සාමාන්‍යයෙන් කාර්මික දෝෂයකට ලක්වී ගිනි ගැනීම සිදුනොවන බවත් මෙය ගිනි තැබීමක් ලෙස තමන් සැකකරන බවද පොලීසිය කියයි.
අම්බලන්ගොඩ පොලිසිය මේ පිලිබදව වැඩිදුර පරික්ෂණ පවත්වයි .