නරක් වු ලොකු ලූනු තොගයක් සොයා ගනී


බිමල් ෂ්‍යාමන් ජයසිංහ 

බණ්ඩාරගම අටුලුගම බමුණුමුල්ල ප්‍රදේශයේ ගබඩා කර තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු නරක් වූ ලොකු ලුනු කිලෝ 1000 කට අධික ප්‍රමාණයක් අද (4) සොයා ගත් බව බණ්ඩාරගම  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි 

සෞඛ්‍ය නිලධාරි කාර්යාලයට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමේදී කිලෝ 25 බැගින් අඩංගු ලුනු ගෝනි 116 ක බහා තිබූ ලුනු කිලෝ 2900 ක් තුළ මෙම නරක් වූ ලුනු තිබී හමු වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසූහ.           

නරක් වූ ලුනු තොගය විනාශ කිරීමට පියවර ගත් බවත් ගබඩාවේ හිමිකරුට විරුද්ධව නීති මගින් කටයුතු කරන බව මහජන සෞඛ්‍ය  පරීක්ෂකවරු පැවසූහ.

බණ්ඩාරගම  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පරීක්ෂණ පවත්වයි.