( ඩී. කේ රත්න )
දේශීය අර්තාපල් සදහා රුපියල් සියයක ස්ථාවර මිලක් ලබා දෙන ලෙස ඉල්ලමින් වැලිමඩ හා ඌවපරණගම අර්තාපල් ගොවීහු අද (04) දහවල් වැලිමඩ නගරයේදී උද්ඝෝෂණයක නිරතවූහ.
මීට සති දෙකකට පමණ පෙර දේශීය අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් එකසිය හතලිහක පමණ තිබූ නමුත් දේශීය අර්තාපල් වෙළද පොලට පැමිණෙණන මේ දිනවලදී අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් අසූව දක්වා අඩුවීම නිසා අර්තාල් ගොවීහු මෙම උද්ඝෝෂණයේ නිරත වූහ.
වැලිමඩ හා ඌවපරණගම අර්තාපල් ගොවීන් වැලිමඩ නගරයේ ඔරලෝසු කණුව අසලට පැමිණ එතන් සිට විරෝධතා පාගමනින් වැලිමඩ ප්‍රධාන බස්රථ නැවතුම්පළ අසලට පැමිණ එම ස්ථානයේ පැය දෙකක පමණ කාලයක් උද්ඝෝෂණයේ නිරතවීමෙන් පසු මෙයට විසදුමක් ඉල්ලා වැලිමඩ ප‍්‍රාදේශීය ලේකම් වරයා හමුවීමට විරෝධතා පාගමනින් ප‍්‍රාදෙශීය ලේකම් කාර්යාලය වෙත ගියහ.
එම අවසථාවේදී වැලිමඩ පොලීසිය විසින් වැලිමඩ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට දැඩි ආරක්ෂාවක් සලසා තිබිණී.
මෙම අවස්ථාවේදී වැලිමඩ ප‍්‍රාදේශීය ලේකම්වරයා කාර්යාලයේ නොසිටි බැවින් වැලිමඩ වැලිමඩ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිළධාරිණී ඒ.එම්.දේවසුන්දරී මහත්මිය පැමිණ හෙට (05) පෙරවරුවේ වැලිමඩ ප‍්‍රාදේශීය ලේකම්වරයා සමග සාකච්ඡාවක් ලබා දෙන බව පැවසීමෙන් අනතුරුව උද්ඝෝෂකයින් විසිර ගියහ.
වැලිමඩ ඌවපරණගම ඒකාබද්ද ගොවි සංවිධානය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.