(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
ඇදිරි නීතිය ක‍්‍රියාත්මක වූ කාලය තුල ඇඹිලිපිටිය, මොදරවාන ප‍්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පනස් හය හැවිරිදි විවාහකයෙකු තුවාල ලබා ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ ප‍්‍රතිකාර ගන්නා බව ඇඹිලිපිටිය පොලීසිය කියයි.
ඇඹිලිපිටිය, මොදරවාන ප‍්‍රදේශයේ පදිංචි කේ.කේ. රූපරත්න අය මෙසේ තුවාල ලබා ඇත.
සැකකරු සිය නිවසේ සිටියදී 03දා රාත‍්‍රී 10.30ට පමණ මෙම වෙඩි ප‍්‍රහාරයට ලක්ව ඇති බව පොලීසිය කියයි.
වෙඩි වැදීමෙන් සැකකරුගේ උදරයට සහ වම් අතේ වැලමිට ප‍්‍රදේශයට තුවල සිදුව ඇති බව රෝහල් ප‍්‍රකාශකයෙක් පැවසීය.
මෙම වෙඩි තැබිම කොටන තුවක්කුවකින් සිදු කරන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
ඉඩම් ආරවුලක් මත සැකකරුගේ මස්සිනා කෙනෙකු විසින් මෙම අපරාධය සිදුකරන්නට ඇතැයි පොලීසිය සැකකරයි.
සැකකරන පුද්ගලයා මේවනවිට ප‍්‍රදේශයෙන් පලාගොස් ඇති බවද පොලිසිය කියයි.
ඇඹිලිපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.