පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ බටේපොල විජයසිරි
දිවුලපිටියේ ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා ලෙස කටයුතු කළ නන්ද කුමාර සකලසූරිය මහතා (පොදු ජන පෙරමුණ ) අද 29 උදේ අභාවප්‍රාප්ත විය.
මිය යන විට පනස් අට හැවිරිදි වියේ පසු වූ සකලසූරිය මහතා දෙදරු පියෙකි .
1991දී ප්‍රාදේශීය සභා පාලනය ආරම්භයත් සමඟ දිවුලපිටියේ ප්‍රාදේශීය සභාවට තේරීපත්වූ සකලසූරිය මහතා මිය යන තෙක්ම නොකඩවා එහි නියෝජිතයෙක් ලෙස කටයුතු කළේය .
1997 සිට ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළේ ද නන්ද කුමාර සකලසූරිය මහතා ය.
පසුගිය පළාත් පාලන මැතිවරණය ප්‍රතිඵල ප්‍රතිඵල වලින් පසුව ඔහු සභාපති පදවියට පත් කරනු අතර ඉකුත් සතියේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර වරයා විසින් පරීක්ෂණයකට යටත්ව සභාපති පදවියේ කටයුතු කිරීම තාවකාලිකව නවතා තිබිණි.
කලක සිට අසනීප තත්ත්වයෙන් පසු වූ සකලසූරිය මහතා දැඩි ලෙස ගිලන් වීමෙන් පසු රාගම සහ වැලිසර රෝහලේ ප්‍රතිකාර ලැබූ අතර එසේ ප්‍රතිකාර ලබමින් සිටින අතර දී මරණයට පත් විය.
දේහය දිවුලපිටිය මීගමුව පාර නිවසේ අවසන් ගෞරවය සඳහා තැන්පත් කර ඇති අතර ඉරිදා 31 පස්වරු 4.00 ට මරදගහමුල ආදාහනාගාරයේ දී අවසන් කටයුතු සිදුකිරීමට නියමිත බව පවුලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ය.
දිවුලපිටිය ප්‍රා.සබේ සභාපති අභාවප්‍රාප්ත වෙයි
Recommended Articles