(ක.ග.කරුණාරත්න)
ගිරිතලේ,දියබෙදුම,තුනේ කණුව ප‍්‍රදේශයේදී අද(01) උදේ මාර්ගය අසල නවතා තිබූ ටිපර් රථයෙක පිටුපස වෑන් රථයක් ගැටීම නිසා සිදුවූ අනතුරකින් වෑන් රථයේ රියැදුරා ඇතුළුව 09 දෙනෙකු තුවාල ලබා ඇතැයි දියබෙදුම පොලීසිය කියයි.
වෑන් රථයේ ගමන් ගත් 06 දෙනෙකු සහ ටිප් රථයේ පිටුපස සිටි තිදෙනකු තුවාල ලැබූවන් අතර වෙති.
තුවාලකරුවන් සියලූම දෙනා ප‍්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත්කර ඇත.
අනතුරට ලක්වූ වෑන් රථය අකුරණ ප‍්‍රදේශයේ සිට පොලොන්නරුව,කදුරුවෙල නගරය බලා එමින් තිබියදී මේ අනතුර සිදුව තිබෙන බවත් වෑන් රථයේ රියැදුරුට නින්දයාම මේ අනතුරට හේතුව බවත් පොලීසිය සිදුකල විමර්ශන වලදී අනාවරණයවී තිබේ.
දියබෙදුම පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
(ඡායාරූප - ඩබ්. ඒ. පියතිලක)