දිනක් වයසැති බිළිඳිය වතුර ටැංකියක් අසල දමා යයි


(අශෝක තිලකරත්න)

දිනක් වයසැති බිලිඳියක් මිරිජ්ජවිල කපුවත්ත වතුර ටැංකිය අසල දමා ගොස් තිබියදී  අද (22) උදෑසන  හමු වූ  බව අම්බලන්තොට පොලිසිය පවසයි.

අසල්වැසි කාන්තාවක් විසින් මෙම බිළිඳිය මුලින්ම දැක ඒ බව පොලිසියට දැනුම් දී තිබේ.

පොලිසිය  විසින් බිළිඳිය  හම්බන්තොට  මහ රෝහලේ ළදරු ඒකකයට බාර දීමට කටයුතු කෙරිණි.

අම්බලන්තොට පොලිසිය මේ සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ පවත්වයි.