(රංජිත් රාජපක්ෂ)
වතුකරයේ අංශභාග රෝගියෙන් පෙලෙන රෝගින් පුනරුත්ථාපනය කිරිම සදහා දික්ඔය මුලික රෝහලේ ආඝාද පුනරුත්ථාතාපන ඒකකය අද (04) පිහිටුවීය.
දික්ඔය මුලික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය කිත්සිරි කරුණාතිලක මහතාගේ ආරාධනයෙන් ශ්‍රි ලංකා වෘද්ධ වෛද්‍ය විද්‍යා සංගමයේ සභාපතිනි සහ ජේෂ්ඨ ස්නායු රෝග වෛද්‍යය පද්මා ගුණරත්න මහත්මිය විසින් මෙම ආඝාද පුනරුප්තාපන ඒකකය විවෘත කරනු ලැබුවාය.
අංශභාග රෝගයෙන් පෙලෙන රෝගියෙකු විනිශ්චය කිරිමෙන් අනතුරුව එම ඒකකයට ඇතුළත් කර විශේෂ උපකරණ මගින් එම රෝගින්ට අවශ්‍යය සම්බහන ව්‍යායාම සති තුනක කාලයක් නේවාසිකව ලබා දි එම රෝගියාගේ වැඩ කටයුතු තනිවම සිදු කර ගැනිමට අවශ්‍ය පුනරුත්ථාපන ඒකකය මගින් සිදු කරනු ලබයි.
ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාවගේද සහයෝගය ඇතිව දික්ඔය මුලික රෝහලේ පැරණි රෝහල් සංකිර්ණයේ තිබු වාට්ටුවක් ප්‍රතිසංස්කරණය කර මෙම ඒකකය ස්ථාපනය කර ඇත.
එම ඒකකයේ එක වර රෝගින් අට දෙනෙකුට නේවාසිකව ප්‍රතිකාර ලැබිය හැකි අතර , කායික රෝග විශේෂඥ වෛද්‍යයවරයාගේ අධික්ෂණය යටතේ මෙම ඒකකය කටයුතු සිදු කරනු ලබයි