දමනයායේ අනතුරකින් ⁣සෙබළු දෙදෙනෙක් මරුට


(ක.ග.කරුණාරත්න)

බකමූණ නගරයට ආසන්නයේ පිහිටි දමනේයාය  ප‍්‍රදේශයේදී අද(02)උදේ  යුද හමුදා බුද්ධි අංශයේ  සෙබළුන් දෙදෙනෙකු ගමන් ගත් යතුරු පැදියක් පෞද්ගලික බස් රථයකගැටීම නිසා සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් යුද සෙබළුන් දෙදෙනා මරුමුවට පත්වී ඇතැයි බකමූණ පොලීසිය කියයි.

එම අනතුරින් මිය ගොස් ඇත්තේ කිලිනොච්චිය ප‍්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරකට අනුයක්තව රාජකාරී කල සෙබළුන් දෙදෙනෙකි.

ඔවුහු බිබිල සහ ලූණුගල යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණයවී තිබේ.

මොවුන් දෙදෙනා නිවාඩු ලබා සේවා ස්ථානයේ සිට සිය ගම්වලට යමින් සිටියදී මෙසේ අනතුරට ලක්ව තිබෙන බව පොලීසිය සඳහන් කලේය.

යතුරු පැදිය හා ගැටුණු බස් රථයේ රියැදුරා පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
බකමූණ පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.