දක්ෂිණ අධිවේගයේ ඉවතලන කොන්ක්‍රීට් තට්ටුවක් ඇඟට වැටී තරුණයෙක් මරුට


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
 
මාතර හම්බන්තොට නව දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉවතලන කොන්ක්‍රීට් තට්ටුවක් ඇග මතට කඩා වැටීමෙන් එහි සේවකයෙකු අද (06) දහවල් මියගොස් ඇති බව තිහගොඩ පොලීසිය පවසයි.
 
කම්බි බඳිමින් සිටියදී කොන්ක්‍රීට් තට්ටුවට යට වී මියගොස් ඇත්තේ කූඩලුඔය පදිංචිව සිටි ජෙයරාම් (25) නැමැති තරුණයෙකු බවට හඳුනා ගෙන ඇත.
 
දක්ෂිණ අධිවේගී මාර්ගයේ හිගුරුපත්තල තඹගල ප්‍රදේශයේ දී මෙම අනතුර සිදු වී තිබේ.
 
මාර්ගය ඉහළ  කඩා ඉවත් කළ  කොන්ක්‍රීට් කොටස් ගොඩ ගසා තිබී ඇති අතර ඉන් කැබැල්ලක් එක්වරම පහළ වැඩ කරමින් සිටි තරුණයාගේ ඇඟ මතට කඩා වැටී තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත. 
 
ඉන් බරපතල තුවාල ලබා මාතර මහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු එම තරුණයා  මියගොස් තිබේ.