දංකොටුවේ වෙළදසැලක ගින්නක්


(හේමලතා ඞී හේවගේ)    

දංකොටුව නගර මධ්‍යයේ පිහිටි දුරකත ඇමතුන් වෙළඳසැලක අද (02) අලුයම පමණ හදිසියේ ඇතිවූ ගින්නකින් එම වෙළඳසැල මුඵමනින්ම විනාශවී ඇති බව දංකොටුව පොලීසිය කියයි.

මෙම ගින්නෙන් වෙළඳසැල තුල තිබූ පරිඝණකල ඡායාපිටපත් යන්ත‍්‍ර ඇතුඵ තවත් භාණ්ඩ රැසක් මුඵමනින්ම විනාශවී ඇති අතර නගරයට ආසන්නයේ පදිංචි පලාත්සභා මන්ත‍්‍රීවරයෙකුට අයත් ජල බවුසර් දෙකක් යොදාගනිමින් නගරවාසීන් සහ දංකොටුව පොලීසිය එක්ව ගින්න නිවාදැමූ බවද පොලීසිය පවසයි.

වෙළඳසැල ආසන්නයේ තිබූ ස්වර්ණාභරණ වෙළඳසැලකටද මෙම ගින්නෙන් අලාභානි සිදුව ඇති අතර සිදුවඇති පාඩුව කොපමනද යන්න පිළිබඳව මෙතෙක් ගණන් බලා නොමැත.

මෙම ගින්න කෙසේ ඇතිවූවාද යන්න පිළිබඳව දංකොටුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

්‍