තුවාල වූ දුර්ලභ බස්සන් තිදෙනෙකුට වනජීවියෙන් ප්‍රතිකාර


(ප්‍රියානි මංගලිකා )

දුර්ලභ බස්සන් තිදෙනෙකු සහ  බකමූණකු අනතුරු වලට ලක්ව සිටියදී මුදා ගත්බව නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය අද (30) පැවසීය .

වයඹ වනජීවි කලාපයට අයත්  වාරියපොල , කුරුණෑගල මාවතගම  යන  ප්‍රදේශවලින් හමුවූ මෙම සතුන් තිදෙනා අනතුරුවලට ලක්ව සිටි බවත් පසුව ප්‍රතිකාර කිරීම් ආරම්භ කළ බවත් පශු වෛද්‍ය ඒකකය පවසයි.
 
මෙම සතුන් සම්පූර්ණ  සුවය ලද පසු රක්ෂිතයට මුදා හැරීමට පියවර ගන්නා බවද පශුවෛද්‍ය ඒකකය පවසයි.

නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය බාර ,වයඹ වනජීවි පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ ,අඩවි ආරක්ෂක මංජුල විජේපාල ,වන සත්ව නියාමක නිලධාරීන් වන ලලිත් පෙරේරා ,සපුමල් බංඩාර ,ලක්ෂිකා ජයසුන්දර  යන නිලධාරීන්  සතුන්ට ප්‍රතිකාර සිදු කර තිබේ.