(පාලිත ආරියවංශ)
බදුල්ල පස්සර මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට අඩි 20 ක පමණ බෑවුමකට පෙරැළී අනතුරට ලක්වීමෙන් තුවාල ලැබූ කාන්තාවන් තිදෙනෙක් හා රියදුරා බදුල්ල මහරෝහලට ඇතුළත් කර තිබේ .
අනතුර සිදුවූ ත්‍රිරෝද රථයේ අවුරුදු පහක් වයසැති ළමයෙක්ද ගමන් කර ඇති නමුත් ඔහුට අනතුරක් වී නොමැති බව පොලීසය කියයි.
රියදුරා නින්දයාම නිසා මෙම අනතුර සිදුව ඇතැයි පරික්ෂණ පවත්වන බදුල්ල පොලිසිය පවසයි


