තවත් අලි දෙදෙනෙක් මඩේ එරී මැරෙති


(චාපා මධුභාෂිණී)


ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ පෙරියාරු ග‍ගේ දිවුලාන විල්ලුව ආසන්නයේ දියේ ගිලීම හේතුවෙන් මරණයට පත්වූ තවත් වල් අලි දෙදෙනෙකුගේ මළ සිරුරු  අද(02 ) සවස සොයා ගත් බව පොලොන්නරුව අඩවි ආරක්ෂක කාර්යාලය කියයි.


පසුගිය 01 වන දින පෙරියාරු ග‍ගේ දිවුලාන විල්ලුව ආසන්නයේ වල් අලි පස්දෙනෙකු මිය ගොස් සිටි බවත් අද  සවස 5.00 පමණ තවත් වල් අලි දෙදෙනෙකු එම ස්ථානයේදීම දියේ ගිලී මිය ගොස් සිටි බව පොලොන්නරුව අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.


මෙලෙස මියගොස් ඇති වල් අලි ගොඩට ගැනීමේ මෙහෙයුම් සඳහා පොලොන්නරුව අඩවි ආරක්ෂක කේ.ඒ උපාලි කුමාරතුංග, අඩවි සහකාර එස්.ඒ වික්‍රමරත්න, වන සත්ත්ව නියමකවරුන් වන ඩී.එම් අරුණ ශාන්ත, අමල් රන්දික අමරසිංහ, ක්ෂේත්‍ර සහායකවරුන්වන තිස්ස ඕපල්ගල, චන්දන සේනාරත්න, රියදුරු ජනක අමරසිංහ යන මහත්වරුන් සමඟ කදුරුවෙල පොලිසියේ නිළධාරීන් සහ ප්‍රදේශවාසීහු එක්ව සිටිති.


පෙරියාරු ගගේ දිවුලාන විල්ලුව ආසන්නයේ ජපන් ජබරවලින් පිරි ස්ථානයෙක මෙම අලි හත්දෙනා ගොඩට ඒමට නොහැකිව දියේ ගිලී මරනයට පත්ව සිටියදී මෙලෙස සොයාගත් බව පොලොන්නරුව අඩවි ආරක්ෂක කාර්යාලය කියයි.