තලවකැලේ ඩෙස්පොඩ් මාර්ගයේ ගමනාගමනය නවතී


(රංජිත් රාජපක්ෂ)

                        
තලවකැලේ ඩෙස්පොඩ් හරහා නුවරඑළිය මාර්ගයේ ඇළ මාර්ගයක් හරහා ඉදිකර තිබෙන පාලමක කොටසක් කැඩීයාමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (22) සිට තාවකාලිකව ඇණ හිට ඇති බව නානුඔය පොලිසිය පවසයි.

එම මාර්ගයේ එඩින්බොරෝ වත්ත ප්‍රදේශයේ 108 සැතපුම් කණුව අසල ඇළ මාර්ගයක් හරහා ඉදිකර තිබූ පාලමක කොටසක් ගැලවී ගොස් ඇති බව පොලිසිය පවසයි.

තලවකැලේ නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගය සිට ඩෙස්පොඩ් හරහා නානුඔය මංසන්ධිය දක්වා කිලෝමිටර් 10 ක් දුර මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර  ඇත.

එම මාර්ගයේ කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු වලට සමගාමීව  අලුතින් පාලමක් ඉදිකිරිම සඳහා අත්තිවාරම් කැපිමේ දී පැරණි පාලමේ කොටසක් ගැලවීයාමෙන් එම පාලම මතින් වාහන ගමන් කළහොත් පාලම කඩා වැටිමේ අවදානමක් පැවතීමෙන් මාර්ගයේ ගමනා ගමන කටයුතු තාවකාලිකව නතර කිරිමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කර ඇත.

එම මාර්ගයේ ගමනා ගමන කටයුතු තාවකාලිකව ඇණ හිටිම හේතුවෙන් කිරිමැටිය, මෙරායා , ඇල්ජින් , ඩයගම ,ඩෙස්පොඩ් යන ප්‍රදේශවල රථ වාහන ගමනා ගමනය මේ වන විට තාවකාලිකව ඇන හිට ඇත.