ටී 56 ක් සමඟ අයෙක් අත්අඩංගුවට


(ඉන්දිකා  රාමනායක)

තලියාපදිංචි අංකය සඳහන්ව නොමැති T56 වර්ගයේ ස්වයංක්‍රිය ගිනි අවියක් සමග හිස් පතුරොමි ගැබක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු  කින්නියා  ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට  ගෙන ඇත.

මෙම සැකකරු සම්බන්ධයෙන්කි ලැබුණු තොරතුරකට අනුව  කින්නියා, කන්දල්කාඩු ප්‍රදේශයේ දී ඊයේ (25) පස්වරුවේ මෙම   වැටලීමක්ට සිදුකර ගිනි  අවිය සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇත  සිදුකර ඇත.

විදේශීය නිෂ්පාදිත ලියාපදිංචි අංකය සඳහන්ව නොමැති මෙම  T56 වර්ගයේ ස්වයංක්‍රිය  අවිය  සන්තකයේ තබාගෙන සිටි ඇතතේ  මුතූර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46ක ද්‍රවිඩ පුද්ගලයකි.

අත්අඩංගුවට සැකකරු  වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ත්‍රිකුණාමලය ත්‍රස්ථ විමර්ශණ කොටිඨාශය වෙත භාර දී ඇත.