ඝාතනයකට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට




(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
                                
ඝාතනයකර යතුරුපැදියක ගැටගසා මාවක් ඔයේ ගිල්වා තිබූ හිටපු හමුදා සෙබලගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට සේවයේ නියුතු යුද හමුදා කෝප්‍රල්වරයෙක් සහ හිටපු යුද හමුදා සෙබලෙක් අද (6) අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ගනේමුල්ල කොමාන්ඩෝ රෙජිමේන්තුවට අනුයුක්ත යුද හමුදා කෝප්‍රල්වරයෙකි.

ඝාතනයට ලක්ව තිබුනේ අංගොඩ කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි හිටපු හමුදා සෙබළකු වූ සසංක සඳරුවන් නැමැත්තෙකි.

ඉකුත් ජනවාරි 31 වෙනිදා ඝාතනය සිදුවී තිබූ අතර මළසිරුර හමුවූයේ  එයින් දින එකොළහකට පමණ පසු පෙබරවාරි 11 වැනිදාය.