ගෝන මස් ළඟ තබා ගත් පුද්ගලයකුට දඩ


(ක.ග.කරුණාරත්න)

 

දැඩි ආරක්‍ෂිත සතෙකු වන ගෝනෙකුගේ මස් කිලෝ එකක් ශීතකරණයක ගබඩාකර සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර චෝදනාවට වරද පිළිගැනීමෙන් පසුව රුපියල් 30,000ක දඩයක් ගෙවන ලෙසට දෙහිඅත්තකණ්ඩිය දිසා විනිසුරු,මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය අද (22) නියෝග කළාය.

 

මෙසේ දඩ නියම වූයේ දෙහිඅත්තකණ්ඩිය,මාවනාගම, අංක 95 ලිපිනයේ පදිංචි කුලතුංග  ආරච්චිලාගේ රංජිත් වීරරත්න කුලතුංග යන අයටය.

මාදුරුඔය වනජීවී කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්‍ෂක ඩබ්ලිව්.ඩබ්ලිව්.ජී.වීරසේන,වන සත්ව නියාමක ඩබ්ලිව්.කේ.පී.එම්.රත්නායක යන මහත්වරුන්  ඇතුළු වනජීවී නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර සැකකරු අධිකරණයට ඉදිරිපත් කළහ.