ගෝන මස් සමඟ දෙදෙනකු අත්අඩංගුවට


(ක.ග.කරුණාරත්න)
 
සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ විසූ ගෝනෙකු වෙඩි තබා මරා මස් කිලෝ 60ක පමණ තොගයක් මුදලට විකිණීම සඳහා යතුරුපැදි දෙකකින් රැගෙන යමින් සිටි දඩයක්කරුවෝ දෙදෙනෙකු මැදිරිගිරිය,වඩිගවැව ප‍්‍රදේශයේදී අද(03)අලූයම අත් අඩංගුවට ගත් බව වන නිලධාරිහු කියති.
 
වනජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මැදිරිගිරිය,නවනගරය වනජීවී කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ වැටලීම සිදුකර තිබේ.
 
සැකකරුවන් මැදිරිගිරිය,වඩිගවැව ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවත් වන සතුන් දඩයම්කර මස් විකිණිමේ ජාවාරමක නිරත පුද්ගලයන් බවද අනාවරණයවී ඇත.
 
මස් තොගය සමඟ සැකකරුවන් අද(03) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව විමර්ශන සිදුකරන වනජීවී නිලධාරීහු ප‍්‍රකාශ කළහ.