(ලලිත් නවරත්න)
ආරච්චිකට්ටුව,පාංකුලාව වැවේ සොරොව්දොර කඩා එහි වතුර නාස්ති වීමට සලස්වා ගොවි සමිතියේ ලේකම්වරයාට පහරදුන් පුද්ගලයකු හලාවතවැඩබලන මහේස්ත‍්‍රාත් ශානක උදයංග මහතා වෙත අද (24) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුනිමස 02 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පොලීසියට නියෝග කළේය.
මෙම සිද්ධියේදී පහරකෑමට ලක්ව ඇත්තේ පාංකුලාව නවෝදා ගොවිසමීතියේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරනු ලබන මොහන්දිරම්ලාගේ ධනංජය චන්ද්‍රසිරි නැමති අයෙකි.
පහරදී ඇති පුද්ගලයා විසින් සිදුකරගෙන ගොස් ඇති කසිප්පු පෙරුම්පොලක් පිළිබඳව මෙම ලේකම්වරයා විසින් පොලීසියට ඔත්තුවක් දුන්න
බවපවසමින් මෙම පහරදීම සිදුකර ඇත.
එසේ කිසිදු ඔත්තුවක් තමන් විසින් ලබාදී නොමැති බව එම ලේකම්වරයා පවසයි.
ලේකම් වරයා විසින් ලබාදුන් පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සම්බන්ධයෙන් කසිප්පු පෙරීම සහ අලවිය සම්බන්ධයෙන් නඩුවක්ද අධිකරණයේ විභාගයට ගැනීමෙන් පසු ඇපමත නිදහස්ව ඇති පුද්ගලයෙක් බවද පොලීසිය පවසයි.
ආරච්චිකට්ටුව පොලීසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් මහතාගේ උපදෙස්මත රථවාහන අංශයේ ස්ථානාධිපති උපපොලිස්පරීක්ෂක බංඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.