(දියතලාව - ඩී.කේ.රත්න)
වැලිමඩ ගුරුතලාව ප්‍රදේශයේ පාසලක සිසු පිරිසකට හා ගුරු පිරිසකට පහරදීම සම්බන්ධයෙන් එකම පවුලේ පියෙකු හා පුතෙකු අද (08) උදැසන අත්අඩංගුවට ගෙන ඇතයි බෝගහකුඹුර පොලීසිය පවසයි.
වැලිමඩ ගුරුතලාව ප්‍රදේශයේම පදිංචි පියෙකු හා පුතෙකු මෙම පහරදීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පහරදීම නිසා ගුරුවරුන් 3 දෙනෙකු හා සිසුන් 8 දෙනෙකු ඇතුලු 11 දෙනෙකු තුවාල ලබා ඊයේ (07) හවස බොරලන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අසාධ්‍ය තත්වයේ පසුවූ තිදෙනෙකු දියතලාව මූලික රෝහලට මාරුකර යවා ඇතයි පොලීසිය කියයි.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බෝගහකුඹුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.යූ.ප්‍රියන්ත මහතාගේ උපදෙස් පරිදි බෝගහකුඹුර පොලිස් නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදුකරති.

