ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට


(දිලීප් ජයසේකර)

හම්බන්තොට නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත හම්බන්තොට පොලිසියේ දුෂණ මර්දන අංශයේ නිළධාරීන් සිදුකළ වැටලිමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග හම්බන්තොට ගොන්නොරුව පහළ අන්දරවැවදී පුද්ගලයෙකු අද  (22) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.
 
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තිස්සමහාරාම ,දෙබරවැව ,පොල්ගහවැලෑන පදිංචි 52 හැවිරිදි සැකකරුවෙකි.
 
මෙම සැකකරු තිස්සමහාරාමයේ සිට පැමිණ ගොන්නොරුව අන්දරවැව ප්‍රදේශයේ කෙසෙල් කොරටුවක් කරන මුවාවෙන් කැලයක සකස්කර ඇති වාඩියක සිට දඩ මස් ජාවාරමේ නිරත වී ඇති බව මුලික පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වී ඇත.
 
අන්දරවැව ප්‍රදේශයේ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුගේද සහාය ඇතිව මෙම සැකකරු කලක් තිස්සේ මෙම ජාවාරම කරගෙන ගොස් තිබේ.
 
සැකකරු සම්බන්ධයෙන් හම්බන්තොට නාවික හමුදා බුද්ධි අංශයේ නිළධාරීන්ට ලද ඔත්තුවකට අනුව හම්බන්තොට පොලිසියේ දුෂණ මර්දන අංශයේ නිළධාරීන් මෙම වැටලිම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
 
සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.