ඩී.ජී.සුගතපාල
සෞභාග්‍යා වගා සංවර්ධන සහ ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ .ගාල්ල දිස්ත්‍රික්කය තුල පුරන් කුඹුරු අක්කර දස දහසක් නැවත වගා කිරීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදාන පතිරණ මහතා පවසයි.
දිස්ත්‍රික් ලේකම්වරයා පවසන්නේ ජනාධිපතිවරයගේ සෞභාග්‍යා ගෙවතු වගා සංවර්ධන වැඩසටහන යටතේ ආහාර නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා මෙම වගා වැඩ සටහන ක්‍රියාත්මක කිරිමට විශේෂ ක්‍රමවේදයක් යොදා ගෙන ඇති බවයි..
ඒ අනුව පුරන් කුඹුරු අක්කර දස දහසක් අස්වැද්දීම සඳහා ඒවා නිරවුල් කරගෙන ගොවීන් සහ ව්‍යාපාරිකයන්ද සම්බන්ධ කර ගෙන අස්වැද්දීමට කටයුතු සිදු කෙරනු ඇත.
එම කුඹුරු අක්කර දස දහසෙන් අක්කර පන් දහසක මේ වන විටත් බිම් සකස් කරමින් පවතින බවත් මෙම කුඹුරු වගා කිරීමට අවශ්‍ය පොහොර සහනාධාරය නොමිලේ ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.
මේ සඳහා කුඩා ව්‍යාපාරිකයින්ට බැංකු හරහා මූල්‍ය සහනද ලබාදෙනු ඇත.