සුමතිපාල දීයගහගේ
හෙට (23) උදේ 8.30 සිට දවල් 12.30 දක්වා පැය හතරක කාලයක් ගාල්ල දිසාවේ ප්‍රදේශ කීපයකට ජල සැපයුම අත්හිටුවිමට සිදුවී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ගාල්ල දිසා කළමනාකරු කේ කේ එන් ඩයස් මහතා පවසයි.
විදුලිබල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සදහා විදුලිය සැපයිම එම කාලය තුල අත්හිටුවන නිසා බද්දේගම ජල පවිත්‍රාගාරයජල පිරිපහදු කටයුතුද විදුලිය නොමැති නිසානතරවනු ඇත.
මේ නිසා බද්දේගම ජල පවිත්‍රාගාරයෙන් ජලය සපයන අම්බලන්ගොඩ, බලපිටිය, හික්කඩුව, බෙන්තොට, බටපොල සහ බද්දේගම යන ප්‍රදේශවලටද එම පැය හතරක කාලය තුල ජලය නොලැබෙන බව ජල සම්පාදන මණ්ඩලයේ ගාල්ල දිසා කළමණාකාර කේ.කේ. එක් ඩයස් මහතා පැවසිය.