ගණිකා මඩමක් වටලා කාන්තාවක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට


 (ජේ.කේ.එල් චාමින්ද)

ගාල්ල පහල  ඩික්සන් ප්‍රදේශයේ  කාමර කුලියට දෙන ස්ථානයක පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලා ගණිකා වෘත්තියේ යෙදිසිටි කාන්තාවක් සහ එම හෝටලයේ කළමණාකරු හා සේවකයකු රාත්‍රි අත්අඩංගුවට ගත්බැව් ගාල්ල පොලිසියේ කොට්ඨාස දුෂණ මර්දන අංශය පවසයි.

 
පොලිසිය විසින් අධිකරණය මගින් ලබාගත් සොදිසි වරෙන්තුවකට අනුව  උපාය දුතයකු යොදවා  මෙම වැටලිම කර ඇත.
 
අත් අඩංගුවට ගත් කාන්තාව පුත්තලම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදිවියේ පසුවන අයෙකි. මෙහි  කුලිපදනම මත ලබාදෙන කාමර හයක් පමණ ඇති බව පොලිසිය පවසයි. මෙහි කාමර කුලියට දෙන මුවාවෙන් ගණිකා මඩමක් පවත්වාගෙන යන බවට පොලිසියට තොරතුරු ලැබි තිබුණි.