(සිතුම් චතුරංග)
ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් රැගෙන ආ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 141 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු යාපනය, එළුවේතීව් දූපත ආසන්න මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් බව කයිට්ස් පොලිසිය පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් නාවික හමුදාව වෙත ලැබුණ තොරතුරකට අනුව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඩිංගි යාත්‍රාවකින් කේරළ ගංජා තොගය රැගෙන එමින් සිටි සැකකරුවන් කේරළ ගංජා සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
මෙරට සිටින මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසින් මෙම කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට රැගෙන ඒමට කටයුතු කර ඇති බවට සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බවත් පැවසීය.
සැකකරුවන් දෙදෙනා නිරෝධායන නීති අනුව නිරෝධායනය වෙනුවෙන් කයිට්ස් මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය වෙත යොමුකර ඇති අතර, කේරළ ගංජා තොගය කයිට්ස් පොලිසිය වෙත බාරදී තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම පේසාලෙයි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු වන අතර සැකකරුවන් හා කේරළ ගංජා යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.