(ජේ.කේ.එල් චාමින්ද)
රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා කොස්දැව තොගයක් සොරකම් කිරිම, සොරභාණ්ඩ බැහැර කිරිම හා මිලදි ගැනිමේ චෝදනාව යටතේ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගත්බැව් පොද්දල පොලිසිය පවසයි.
බද්දේගම ප්‍රදේශයේ දි කොස් දැව තොගය, හා කොස්දැව රැගෙන ගිය ලොරි රථයද පොලිස් භාරයට ගෙන ඇත.
අධිකරණයේ නඩුවක් පවතින බලගොඩ ප්‍රදේශයේ පිහිටි හවුල් ඉඩමක තිබු වට අඩි 12ක් පමණ මෙම කොස් ගස අධිකරණයෙන් ලබාගත් අවසරය මත බිම හෙලා ඇත. අධිකරණයෙන් අවසර ලබා දි ඇත්තේ කොස්ගස කපා විකුණා එම මුදල් අධිකරණයට බැරකරන ලෙසය.
එහෙත් මෙකි ඉඩම සම්බන්දයෙන් අධිකරණයේ පවතින නඩුවේ එක් පාර්ශවයක පුද්ගලයකු විසින් හොර රහසේ කොස්ගස කපා විකුණා ඇති බව පොලිසිය පවසයි.
සැකකරුවන් අද (26) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. පොද්දල පොලිසියේ ස්ථානාධිපති සංජිව මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පො ප කේ.එච්.එස් පාලිත, පො කො 70758 සුනෙත් පො කො70844 චතුර යන නිලධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබිය.