කොවිඩ් අරමුදලට මධ්‍යම පළාත් අධ්‍යාපන සණස සමිතියෙන් ලක්ෂ දෙකක්


(මොහොමඩ්  ආසික්)

කොවිට් - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා මධ්‍යම පළාත්  අධ්‍යාපන සේවක සණස  සමිතියෙන්   රුපියල් ලක්ෂ 2 ක මුදලක් පිරිනමනු ලැබීය.

එම සංගමයේ සභාපති  එයි.එම්.එච්.බණ්ඩාර මහතා සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්ගේ  සහභාගිත්වයෙන් අදාල චෙක් පත මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා වෙත අද (01) වැනිදා  භාර දෙනු ලැබීය.

වසර 28 ක් පුරා විවිධ සමාජ සත්කාර සඳහා දායක වන මෙම සමිතියේ සාමාජික පිරිස 22000 ක්  පමණ වේ .

මෙම අවස්ථාව පළාත් සමුපකාර කොමසාරිස්  චමිලා අතපත්තු මහත්මිය විසින් සම්බන්ධීකරණය කළ අතර පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් මෙම අවස්ථාවට එක්වූහ.