කොරෝනාවෙන් අවතැන් වූ ජනතාවට ණය මුදලක්


( එම් .සුසිල් ප්‍රියන්ත )

කොරෝනා ව්‍යසනයෙන් අවතැන්වී සිටින දකුණු පළාතේ ග්‍රාමීය ජනතාවට ග්‍රාමීය බැංකුවෙන් කෙටි කාලීන ක්ෂණික ණය මුදලක් ලබාදීමට දකුණු පළාත් සමුපකාර දෙපාර්තමේන්තුව අද(27 ) සිට පියවර ගෙන ඇත.
 
දකුණු පළාත් සමුපකාර කොමසාරිස් ආර්.ජී. කන්නන්ගර මහතාගේ අදහසකට අනුව මේ නවමු වැඩසටහන ක්‍රියාවට නැංවේ.

දකුණු පළාතට අයත් ගාල්ල ,මාතර ,හා හම්බන්තොට දිසා තුනේ විවිධ සේවා සමුපකාර සමිතිවලට අයත් සියලුම ග්‍රාමීය බැංකු ශාඛාවලින් මේ ක්ෂණික ණය මුදල ඒ ඒ ප්‍රදේශවල ග්‍රාමීය ජනතාවට ලබාගත හැකි බව දකුණු පළාත් සමුකාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු කීවේය .
 
රුපියල් 3000 සිට 5000 දක්වා සියයට එකක ඉතාම අඩු පොලී ප්‍රතිශතයක් යටතේ සිමා බන්ධනවලින් තොරව මේ ක්ෂණිකණය මුදල ලබාගත හැකි බවද එම ප්‍රකාශකයා කීවේය.
 
කොරෝනා ව්‍යසනයෙන් අවතැන්ව සිටින දකුණේ ජනතාවට දකුණේ සමුපකාර ව්‍යාපාරයෙන් සේවයක් සැලසීමේ  යහපත් අරමුණීන් මේ පියවරගත් බවද ඔහු කීවේය .