( ලසන්ත නිරෝෂණ පෙරේරා )
කහවත්ත කොටකෙතන ඕපාත මාර්ගයේ නිවෙසක සිටි 42 හැවිරිදි තිදරු පියෙකු ඝාතනය කර ඇති බව කහවත්ත පොලිසිය පවසයි.
අද 22 වනදා මෙම සිරුර ගැන කහවත්ත පොලිසියට මියගිය අයගේ බිරිඳ පැම්ණිළි කර තිබේ .
එලෙස ඝාතනය කර ඇත්තේ එම්.ඒ.නිස්ශංක නම් පුද්ගලයෙකි. ඔහුගේ සිරුර වැසිකිළිවලක දමා ඇතැයි පොලිසිය පවසයි .
ඔහුගේ බිරිද සහ දරු තිදෙනා නිවසේ නැති අතර මෙම ඝාතනය සිදු කර ඇති බව මුලික පරික්ෂණ වලදි හෙළි වී තිබේ .
මියගිය අයගේ බිරිද සහ දරුවන් දින තුනක සිට නිවසේ නොසිටි බව පරික්ෂණ වලදි හෙළි වි තිබේ . බිරිද ඇයගේ මහ ගෙදර ගොස් සිටි බවත් පොලිසිය පවසයි .
මියගිය තැනත්තාගේ නැගණිය වැසිකිළිවල දෙසින් දුගදක් වහනය විම ගැන කළ සොයා බැලිමේදි සිරුර වැසිකිළිවලේ දමා ඇති බව සොයාගෙන ඇත.
ඊයේ දහවල් වනතෙක් සිරුර ගොඩ නොගත් අතර මහෙස්ත්‍රාත් පරික්ෂණය පැවත්විමට නියමිතව තිබුණි .
කහවත්ත පොලිසියේ ස්ඨානාධිපති අතුල පෙරේරා මහතා ගේ මෙහයවිමෙන් පරික්ෂණ සිදු කෙරේ.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැත .