අනීෂා මානගේ
කුඩාවැල්ල ධීවර වරායෙන් ධීවර රැකියාව සඳහා පිටත්ව ගිය ධීවරයකු අතුරුදන් වී ඇති බවට අද(2) පැමිණිල්ලක් ලැබී ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ කුඩාවැල්ල කළපුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවද පොලිසිය කියයි.
කුඩාවැල්ල ධීවර වරායෙන් ඊයේ පස්වරු 2.30ට ගමන් පිටත්ව ගිය බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයකු මෙලෙස අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.
බහුදින ධීවර යාත්‍රාවේ ගමන් කළ ධීවරයන් පිරිස අතර ආරවුලක් හටගැනීම හේතුවෙන් එම බහුදින ධීවර යාත්‍රාව අද(2) යළි වරායට පැමිණ ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවද පොලිසිය කියයි.
කුඩාවැල්ල ධීවර වරායෙන් රැකියාවට ගිය ධීවරයකු අතුරුදන්
Recommended Articles