(එම් .සුසිල් ප්‍රියන්ත )
බලපිටිය රන්දොඹේ සිට කොළඹ දක්වා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබු මිනිස් පාරිභෝජනයට නුසුදුසු යයි සැකකෙරෙන තේ කොළ කිලෝග්‍රැම් දෙදහසක් සමග එක් අයෙක් අද (17 ) වතුගෙදර ප්‍රදේශයේදි සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
ලැබුනු තොරතුරකට අනුව වැටලීමේදී තේ කොල ප්‍රවාහනය කරමින් තිබූ මේ ලොරි රථය හා සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවද පොලිස් විශේෂ කාර්‍ය බලකාය කියයි.
අත් අඩංගුවට ගැනුනු තේ කොළ සහිත ලොරි රථය හා සැකකරු වැඩිදුර විමර්ශන සදහා අම්බලන්ගොඩ පොලීසියට භාරදුන් බවද පොලිස් විශේෂ කාර්‍ය බලකාය කියයි.