කරාපිටිය රෝහලේ සේවකයෙකුට පුද්ගලයෙක් පහරදීලා


(ඩී.ජී.සුගතපාල)

මුඛ ආවරණයක් නොපැළඳ තුවාල කරුවෙකු රෝහලට ගෙන ඒම  සම්බන්ධයෙන් ඇතිවු බහින් බස් වීමකදි තුවාලකරු ගෙනෙන ලද පුද්ගලයා පහරදීම හේතුවෙන් කරාපිටිය රෝහලේ සේවකයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ බව කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.

තුවාල ලබා ඇත්තේ රෝහල් සෞඛ්‍ය කාර් ය සහායකයෙකු ලෙස කටයුතු කරන 58 හැවිරිදි පුද්ගලයෙකි.

ඊයේ (19) රාත්‍රී බූස්ස පිටිවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් හදිසි තුවාලකරුවෙකු රෝහලට ඇතුලත් කිරීම සඳහා ගෙනැවිත්  ඇත. 

එම අවස්ථාවේ ඔහු මුඛ ආවරණ පැළඳ නොසිටීම නිසා මුඛ ආවරණයක් පැළඳ ගෙන එන ලෙස තුවාලකරුවන්ට රෝහල් සේවකයා පවසා තිබේ.

එම අවස්ථාවේ ඇතිවු බහින් බස්විමකදි  මෙම පහරදිම සිදු කර ඇති බව පොලිසිය පවසයි.

සැකකරු කරාපිටිය රෝහල් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා ගාල්ල පොලිසිය වෙත බාරදි තිබේ.