කඩු-කෙටේරි සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට


(අලව්ව අධිකාරි මුදියන්සේ)
 

 කෙටේරියක් හා කඩු කීපයක්  සමග පුද්ගලයෙකු අද(3)  අත් අඩංගුවට ගත් බව පොල්ගහවෙල පොලිසිය පවසයි .
   
සිද්ධියට අදාළව වයස අවුරුදු 40ක්  පමණ  වන නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත.
 
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්  පොලීසියට ලැබුණු තොරතුරක් මත පොල්ගහවෙල ඔරලියද්ද නිවසක්  පරීක්ෂා කිරීමේදී එම නිවසේ නිදන කාමරයක ඇඳක් යට සඟවා තිබූ කඩු 03 ක් හා දෙපැත්ත කැපෙන කෙටේරියක් සොයාගත් බව පොලිසිය කියයි.
 
පොල්ගහවෙල පොලීසියේ අපරාධ අංශයේ   ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිත අභයසිංහ මහතා හා  පොලිස් සැරයන්වරුන් වන (58707) ප්‍රියදර්ශන ,(56483) බාලසූරිය ,(36857) ගෝකුල,පොලිස් කොස්තාපල්( 83005) ඉන්දික යන නිලධාරීහු මෙම වැටලීමට සහභාගී වූහ.
 
 සැකකරු හා භාණ්ඩ පොල්ගහවෙල  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.