ටෝනි කරුණානායක
විදේශීය නිෂ්පාදිත බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලයක් සහ ඊට යොදන උණ්ඩ 3 ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරු පැය 48 ක් රඳවා විමර්ශන සිදුකිරිම සඳහා මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් ශිලනි චතුරන්ති මහත්මිය කටුනායක පොලිසියට අද (4) අවසර ලබාදුන්නාය.
සැකකරු කටුනායක හීනටියන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු පාතාල සාමාජිකයකු යැයි කියන මිනුවන්ගොඩ පීල්ලවත්ත නිවාස සංකීර්ණයේ පදිංචිව සිටියදී ඉකුත් 2016 වර්ෂයේ නොවැම්බරයේ දී වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගිය ලොකුඅරුමගේ සුසන්ත ප්‍රදීප් සිල්වා හෙවත් ෆ්‍රේඩි නැමැත්තාගේ සොහොයුරකු බවයි.