(එෆ්.අස්ලම්)
කටාර් රාජ්‍යයේ සිට පැමිණි ශ්‍රීලාංකිකයින් 62 දෙනෙකු පස්සර පැල්ගහතැන්න ඌව පළාත් කළමණාකරන පුහුණු මධ්‍යස්ථානයේ ඉදිකර ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කොට ඇතැයි බදුල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
මෙලෙස නිරෝධායනය සදහා යොමුකල පිරිස අතර කාන්තාවන් 48ක් සහ පිරිමි පුද්ගලයින් 14ක් සිටින බවත් ඔවුන් අතර කුඩා ළමුන් 10 දෙනෙකුද වන බවත් සෞඛ්‍ය සදහන් කර සිටීයි.
මොවුනගේ සෙම පටල ඇතුළු සාම්පල අද (28) ලබාගත් බවත් එම සාම්පල පී.සී.ආර් පරීක්ෂණ සදහා බදුල්ල පළාත් මහ රෝහලේ ස්ථාපිත පී.සී.ආර් පරීක්ෂණාගාරය වෙත යොමු කර බෙන බවත් ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග සදහන් කරයි.
කටාර් රාජ්‍යයේ සිට මෙම පිරිස ඊයේ (27) උදෑසන කටුනායක බන්ඩාරනායක ගුවන් තොටුපල වෙත පැමිණ ඇති අතර මෙම පිරිස පස්සර පැල්ගහතැනේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කොට ඇත්තේ ඊයේ (27) පැවසීය.