(ටී .එච් . සරත්)
තලාතුඔය පොලිස් වසමට අයත් ගුරුදෙනිය ප්‍රදේශයේ දී කංසා වගාකර විකිණීමේ යෙදුණු පුද්ගලයෙකු තලාතුඔය පොලිසිය මඟින් අද (13) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ප්ලාස්ටික් බාල්දිවල කංසා සිටුවා නිවසේ පිටුපස කිසිවෙකුට නොපෙනෙන සේ සඟවා තබා ඇත. පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ වගා කළ එම පැළවල කොළ මෝරන විට එකින් එක කපා අව්වේ වේලා විකිණා ඇති බවය. කංසා පැළ අඩි තුනක් හා අඩි එකක් උසින් යුක්තවේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා ගුරුදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර පෙර වැරදි රැසක් සහිත පුද්ගලයෙකු බවට අනාවරණය වී තිබේ. විවාහකයෙකු වන මොහු දෙදරු පියෙකි.
අද ( 13)දින සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.